ආයේ බෙහෙත් බොන්නත් දෙපාරක් හිතන්න වෙයි - රජයේ රෝහල්වල ඖෂධ වල ප්‍රශ්ණයක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය අනාවරණය වී ඇත්තේ වසරේ මේ දක්වා කාලය තුළ රජයේ රෝහල්වල භාවිත කරන ඖෂධ වර්ග 93ක් ගුණාත්මක පරීක්ෂණවලින් අසමත් වී ඇති බවයි.
මෙසේ ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගත් ඖෂධ අතරින් වැඩිම ප්‍රමාණයක් එනම් ඖෂධ වර්ග 42ක් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඒවා බවට සදහන් වන අතර මීට අමතරව දේශීයව නිෂ්පාදිත ඖෂධ 25ක් මෙන්ම චීනය, පාකිස්ථානය, ජපානය සහ බංග්ලාදේශයේ නිෂ්පාදනයන් වන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම අසමත් වූ ඖෂධ කාණ්ඩ අතරින් ඇතැම් ඖෂධ මේ වන විටත් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට, භාවිතය තාවකාලිකව නැවැත්වීමට හෝ සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෑතකදී වමනය පාලනය සඳහා භාවිත කරන 'ඔන්ඩන්සෙට්‍රොන්' (Ondansetron) එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මිය ගිය අතර මෙම මරණවලට හේතුව එම ඖෂධයේ පවතින සංකූලතාවයක් දැයි තහවුරු කර ගැනීමට මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2017 වසරේ සිට මේ දක්වා මෙරට ඖෂධ ප්‍රමිති අසමත් වීම් 600ක් වාර්තා වී ඇති අතර වැඩිම ප්‍රමිති අසමත් වීම් සංඛ්‍යාව 2019 වසරේදී වාර්තා වී ඇති අතර, එය 96ක් බවත් 2024 වසරේදී ද මෙවැනි සිද්ධීන් 83ක් වාර්තා වූ බවත් අනාවරණය වේ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් රෝගී ජීවිත අනතුරේ වැටීම වැළැක්වීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පරීක්ෂණ කටයුතු තවදුරටත් දැඩි කර ඇති බව වේ.