හිටපු ඇමතිවරු 25ක් නාමල් හමුවෙති - වෙන දේ මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් කණ්ඩායමක් සඳුදා (අගෝ. 4) පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.
පොහොට්ටුවේ හිටපු මැති ඇමතිවරුන් නියෝජනය කරමින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම හමුවට එක්වන බව එම මැති ඇමති කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙහිදී ඔවුන් එක්ව පොදු එකඟතාවක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු කීවේ ය.
එකඟතාව ඇතිකර ගැනීමෙන් පසු පක්ෂය සමඟ සිට පසුව වෙනත් දේශපාලන පක්ෂ සමග එක්ව සිටින හා අනෙකුත් විපක්ෂයේ සිටින වමේ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එක්කරගෙන පුළුල් වමේ බලවේගයක් ගොඩනඟා ගැනීමට සාකච්ඡා ආරම්භ කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.