ෂකීරා නිසා සරම්ප බෝ වීමේ අවදානමක්!

Latest Headlines Sinhala news gagana news Breaking News SriLanka News - Gagana
By Shehan May 30, 2025 04:20 AM GMT
Shehan

Shehan

Report

අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවති ලෝක ප්‍රකට පොප් ගායිකා ශකීරාගේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ පුද්ගලයකුට සරම්ප රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ, එම ප්‍රසංගයට එක්වූ රසික රසිකාවියන් 82,000කට ආසන්න පිරිස අතර සරම්ප වසංගතයක් පැතිරීමේ අවදානමක් මතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

මෙම තත්ත්වය හේතුවෙන් නිව්ජර්සි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. රෝගය ආසාදනය වූ පුද්ගලයා නිව්ජර්සි ප්‍රාන්තයේ වැසියකු නොවීම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම තවත් ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

නිව්ජර්සි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසංගයට සහභාගි වූවන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර, ජූනි 6 වැනිදා වන විට සරම්ප රෝග ලක්ෂණ මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා ඇත. විශේෂයෙන්, පසුගිය මැයි 20 වැනිදා පස්වරු 7.00 සිට අලුයම 1.00 දක්වා ප්‍රසංග භූමියේ රැඳී සිටි පුද්ගලයන්ට සරම්ප රෝගය ආසාදනය වීමේ අවදානම ඉහළ බැවින්, එවැනි පුද්ගලයන් එම උපදෙස් මාලාව අනුගමනය කළ යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ReeCha