අපි දැක්කා මිලේනියම් සිටි ප්‍රදේශයේ බලහත්කාරයෙන් මේ පා. මන්ත්‍රීවරයෙකුයි කඩුවෙල නගරාධිපතිවරයා ගිහිල්ලා ඉඩම් අත්පත් කරගත්තු විදිය.. නලින් මැතිසබේ කළඹයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (09) දින පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් සඳහන් කළේ මිලේනියම් සිටි හි පිහිටි ඉඩම් කොටසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවයි.
ඒ අනුව ඔහු කියා සිටියේ මෙම ඉඩම අත්පත් කරගෙන ඇත්තේ මෙට්‍රෝ බස් ඩිපෝවක් ස්ථාපනය කිරීම සඳහා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා,
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්
''මේ ආණ්ඩුවේ අය කතා කරන්නේ හරි පාරිශුද්ධ චරිත විදිහට. හරි පිරිසිදු චරිත විදිහට. හැබැයි මේගොල්ලෝ සැමට සමාන නීතිය කියලා ඇවිල්ලා අපි දැක්කා පහුගිය දවස්වල වැඩ කරපු විදිහ. දැන් අපි දන්නවා මමත් අක්කර දාහක අපනයන සැකසුම් කලාපය ලංකාවේ ලොකුම අපනයන සැකසුම් කලාපය හදපු මනුස්සයා. අපි දන්නවා ඉඩම් අත්පත් කරගන්නේ කොහොමද කියලා. ඒක විශාල කාර්යභාරයක් තියෙනවා. මුලින්ම අත්පත් කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ඉඩම් අමාත්‍යංශය හරහා ප්‍රාදේශී ලේකම් හරහා නියෝගය නිකුත් කරන්න ඕන. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් එකෙන් තක්සේරු කරන්න ඕන. මේක විශාල කාර්භාරයක් තියෙනවා අපේ හිටපු ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මැතිතුමා දන්නවා. හැබැයි අපි දැක්කා ඊයේ පෙරේදා අර අතුරුගිරියේ මිලේනියම් සිටි ප්‍රදේශයේ අර අලුතෙන් පටන් ගත්තු බස් සේවාවට මෙට්‍රෝ බස් සේවාවට බලහත්කාරයෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුයි කඩුවෙල නගරාධිපතිවරයා ගිහිල්ලා ඉඩම් අත්පත් කරගත්තු විදිය. ඉතින් ඒ විදිහට ඉඩන් අත්පත් කරගත්තා හිටපු මර්වින් සල්වා මහත්තයත්. ඒ විදිහට ඉඩන් අත්පත් කරගත්තා අර කැලණියේ හිටපු කවුද තවත් මන්ත්‍රීවරයෙක්. මේගොල්ලොත් ඉඩම් අත්පත් කරගන්නේ ඒ විදිහට. එහෙම ඉඩම් අත්පත් කරගන්න බැහැ.''