පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ අටක්... අනුමැතියත් ලැබේ

Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka Cabinet Ministry Of Public Security
By Akash Mar 20, 2025 04:03 AM GMT
Akash

Akash

Report

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙයට පෙර රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ දහයක් සිය දුර කාලයේ වාර දෙකකදී ලබාදීමට කටයුතු කර තිබුණා.

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට (LIVE) (VIDEO) (UPDATE)

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට (LIVE) (VIDEO) (UPDATE)

මෙරට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පෙබරවාරි මස 20 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව මෙම මුදල ලබාදීමට අනුමැතිය හිමි වී ඇති බව සඳහන් වනවා.

මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ක්ෂය වටිනාකම වාරික පදනමින් අය කර ගැනීමට කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා.

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

එසේම මුදල් අය කර ගැනීමෙන් පසු එම භාණ්ඩවල අයිතිය මන්ත්‍රීවරුන් වෙත පැවරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ තවදුරටත් දැක්වෙනවා.

ReeCha