තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

Report

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව සාමාන්‍ය සිරකරුවන් රඳවා තබන සිර මැදිරියේ රඳවා තැබූ බව පැවසෙනවා.

ඒ ඔහුගේ ඇප නියම කිරීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔහුගේ ඇප ඉල්ලීම අද දිනය සලකා බලන බව සඳහන් කර තිබු අතර අද දිනයේදී ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර ලබන අප්‍රේල් 03 වන දින දක්වා යලි රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියම කලේ. 

-------------------------

දේශබන්දු යළි රිමාන්ඩ්!  (LIVE VIDEO UPDATE @03.55PM)

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් වූ පොලිස්පති දේ++ශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.

පුංචි ඡන්දයට දින නියම වෙයි

පුංචි ඡන්දයට දින නියම වෙයි

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට (LIVE VIDEO UPDATE @01.55PM)  

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳව වැඩි විස්තර ගෙන එමින් අප ගගන මාධ්‍යවේදී ශාරදා මනවඩු සඳහන් කළේ, මාතර අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව තර කර ඇති බවයි.

ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් අද දින අධිකරණය නියෝගයක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. 

--------------------------------------

දේශබන්දු ඇතුලද? එලියද? - තීරණය අද (LIVE) ------- @12.30PM

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු එක් දිනක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස ඊයේ නියෝග කළේය.

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

කෙසේ වුවද, ඔහුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න අද දින සලකා බලනු ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ පසු නඩුවට අදාළව කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ, විවිධ උපක්‍රම, උප්පරවැට්ටි සහ යටිකූට්ටු හරහා දේශබන්දු තෙන්නකෝන් සිදු කළ රංගනය මෙයින් අවසන් වන බවය.

තවත් ආනයනික වාහන තොගයක් හම්බන්තොටට එයි

තවත් ආනයනික වාහන තොගයක් හම්බන්තොටට එයි

මේ අතර, අද දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇත.