ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් කෙසෙල්වත්තේ දිනුකට පැය 72ක රැඳවුම් නියෝග
කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරන පරිදි, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ පසු, ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ හේවා පේඩිගේ දිනූශ චතුරංග, හෙවත් කෙසෙල්වත්තේ දිනුෂ්නමැති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව පැය 72 ක කාලයකට රැඳයුම් නියෝග ලබාගෙන ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අනුමැතියෙන් මෙම රැඳවුම් නියෝගය ලබාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඉහත නියෝගය, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කිරීමේ සැකය යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග නොවන නඩුවකට අදාළව විවෘත වරෙන්තු ප්‍රකාරයෙන් ලබාදී ඇත.