පැවතුණ අධික වර්ෂාපතනයත් සමග වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වර්ෂාපතනය හේතුවෙන් පතල අවට ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර තවත් නාය යෑම් කිහිපයක් ද වාර්තා වී ඇත.
පසුගිය වසරේදී වියට්නාමයේ ගල් අඟුරු පතල් කඩා වැටීම් හේතුවෙන් කම්කරුවන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබුණි.