පෙදෙස් කිහිපයකින් ජීවිත අහිමි වීම් පහක්...

Sri Lanka Police Sri Lanka Accident Death
By Piyumika Aug 14, 2024 04:01 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දිනය තුළ එම අනතුරු සිදුව ඇති බවය.

අනේ දෙවියනෙ..! පැය විසිහතරක් ඇතුළත මෙපමණ ගණනක්..

අනේ දෙවියනෙ..! පැය විසිහතරක් ඇතුළත මෙපමණ ගණනක්..

පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ආසන්නයේ දී අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ. අනතුරින් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් වූ 17 කණුව, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර, තැන්නේකුඹුර - රාගල මාර්ගයේ මයිලපිටිය ප්‍රදේශයේ දී වාහනයක ගැටී අවුරුදු 70 ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් තිබේ. එම අනතුරට ලක්කළ වාහනයේ රියදුරු පළාගොස් තිබේ.

ලංගමට එකතු වෙන්න යන අලුත්ම හාදයෝ..

ලංගමට එකතු වෙන්න යන අලුත්ම හාදයෝ..

මේ අතර කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හංදියේ දී මාතර සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ගමන් කිරීමේ දී බසයට ඉදිරියෙන් පාර මාරුවීමට ගිය කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබු 41 හැවිරිදි බෙලිඅත්තේ පදිංචිව සිටි කාන්තාව තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ දී මීරා බාලික විද්‍යාලය ආසන්නයේ දී මඩකලපුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයට හැරවීමට යෑමේ දී තවත් යතුරුපැදියක බදේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටි 20 හැවිරිදි එක් පැදිකරුවෙක් මියගොස් ඇත.

හිටපු ප්‍රබල කාන්තා දේශපාලඥයෙකුට මිනීමැරුම් චෝදනා ..

හිටපු ප්‍රබල කාන්තා දේශපාලඥයෙකුට මිනීමැරුම් චෝදනා ..

අරලගංවිල මනම්පිටිය, මැදගම ප්‍රදේශයේ දී මනම්පිටිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණි. අනතුරින් 49 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ .

ReeCha