කෝට්ටේ දළදා පෙරහැරට සියල්ල සූදානම් - රජයේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Report

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය - 2026 පැවැත්වීම සම්බන්ධ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙවර ඇසළ උත්සවයට සමගාමීව 126 වැනි වරට සංවිධානය කෙරෙන කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහැර සැප්තැම්බර් මස 12 වැනිදා රාත්‍රී 8.00ට වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

පෙරහැර මංගල්‍යය අභිමානවත් හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය, පූර්ව සූදානම් කටයුතු සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ධුර කාලය නිමකර යන චීන තානාපති පාර්ලිමේන්තුවේ විශේෂ සංචාරයක

ධුර කාලය නිමකර යන චීන තානාපති පාර්ලිමේන්තුවේ විශේෂ සංචාරයක

එමෙන්ම පෙරහැර සාර්ථකව සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදෙන රාජ්‍ය ආයතන මෙන්ම මූල්‍යමය අනුග්‍රහය සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහාය සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරාධිපති, ශ්‍රී කළ්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, අනුග්‍රාහක සමාගම් නියෝජිතයන් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් 33 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වීම සඳහා පිලිපීනයට

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් 33 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වීම සඳහා පිලිපීනයට