කල් ඉකුත් වූ ඖෂධ හා රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් හා රසායනාගාර 23කට එරෙහිව නඩු පනවයි

Report

කල් ඉකුත් වූ ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 23කට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අදාළ නඩු සම්බන්ධයෙන් අධිකරණ මගින් මේ වන විට නියම කර ඇති සමස්ත දඩ මුදල රුපියල් පනස් හත් ලක්ෂ අනූ අට දහසක් (රු. 5,798,000) බව එම අධිකාරිය සඳහන් කරයි.

විමර්ශනවලට ලක් කළ අනෙකුත් ආයතන සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

“කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොදි ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කළේ මෙම රජයයි” - එරංග ගුණසේකර

“කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොදි ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කළේ මෙම රජයයි” - එරංග ගුණසේකර

මහජන සෞඛ්‍යයට සහ පාරිභෝගික ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණින් පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවක් සිදු කර තිබේ.

එම විමර්ශනවලදී රෝගීන්ගේ ජීවිත හා සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අක්‍රමිකතා රැසක් අනාවරණය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

විමර්ශනවලදී අනාවරණය වූ ප්‍රධාන අක්‍රමිකතා අතර, රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම හෝ භාවිතයට සූදානම් කර තබා ගැනීම. කල් ඉකුත් වූ ඖෂධ රෝගී සත්කාර සඳහා තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති උපරිම ගාස්තු ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා මුදල් අය කිරීම. කල් ඉකුත් වූ සහ කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කර තැබීම. යන කරුණු ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.

කලු ජූලිය සමරන්න ලංකාව පුරා කරන්න යන දේ

කලු ජූලිය සමරන්න ලංකාව පුරා කරන්න යන දේ