රටම උණුසුම් කරමින් දෙවිනුවර ඇසළ පෙරහැරට අධි ආරක්ෂාවක් - පස්වරු 4 සිට බලාත්මක වන විශේෂ දැනුම්දීමක් [UPDATE]
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර සඳහා පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා ඇති බව පොලීසිය සඳහන් කරයි. ඊට අමතරව, බුද්ධි අංශ නිලධාරීන්ද ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බව සඳහන්.
ගන්දර පොලිස් වසමේ පිහිටි දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ පළමු පෙළි පෙරහර අද (23) දින ආරම්භ වන අතර, ජූලි 29 වැනි දින මහා පෙරහර පැවැත්වීමෙන් පසුව එය අවසන් වේ.
ඒ අනුව පොලීසිය පැවසුවේ කාවඩි පෙරහර ජූලි 28 වැනිදාත්, රන්දෝලි පෙරහර ජූලි 29 වැනිදාත් පැවැත්වීමට නියමිත බවයි.
අඳාළ දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
එබැවින් මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් කරන වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර - යටියන මාර්ගයට පැමිණ, කැකණදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකි බව සදහන්.
ඊට අමතරව තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරන වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර, දික්වැල්ල - වේහැල්ල මාර්ගය ඔස්සේ කැකණදුර හන්දියට පැමිණ කැකණදුර - මාතර මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකි වේ.
පාතාල උණුසුම මැද රටම බලා සිටි දෙවුන්දර දේවාල පෙරහරට විශේෂ ආරක්ෂාවක් - පොලිස් නිලධාරීන් 500ක් එක්ක යුද හමුදාවත් එයි
එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් විශාල පිරිසක් පෙරහර නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, මහජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව මෙන්ම රථවාහන පාලනය සඳහා මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.