ලොවම භීතියට පත් කරමින් ඉබෝලා යක්ෂයා නැවත නැගිටියි- මරණ 1,000 පනී ඇමෙරිකාවෙන් හදිසි තහනමක්
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) පැතිර යන නවතම ඉබෝලා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් තිබෙනවා. අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (Africa CDC) අධ්‍යක්ෂ ජනරාල් ජීන් කසේයා පැවසුවේ, මැයි මාසයේදී ආරම්භ වූ බුන්ඩිබුග්යෝ වර්ගයේ ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට මරණ 1,031ක් තහවුරු වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රමාණවත් එන්නත්, ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ මූල්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් වසංගතය පාලනය කිරීම දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි.
කොංගෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මේ වන විට ඉබෝලා ආසාදිතයින් 2,473 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, රෝගීන් 737 දෙනෙකු පමණ හුදකලා ප්‍රතිකාර මධ්‍යස්ථානවල හෝ රෝහල්වල ප්‍රතිකාර ලබමින් ඇත .
මෙම වසංගතය මැයි 15 වැනිදා ඊසානදිග ඉටුරි පළාතෙන් ප්‍රකාශයට පත් කළ අතර, එතැන් සිට මරණ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ඉබෝලා ඉතිහාසයේ වාර්තා වූ වසංගත අතරින් මරණ 1,000 සීමාවට වේගයෙන්ම ළඟා වූ වසංගතය මෙය බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කළේ, අසල්වැසි උගන්ඩාවෙන්ද ඉබෝලා ආසාදනය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, එරට මාසයකට වැඩි කාලයක් තුළ නව ආසාදිතයන් වාර්තා වී නොමැති අතර, අවසන් රෝගියා ජූලි 16 වැනිදා රෝහලෙන් පිටවීමෙන් පසු දින 42ක නිරීක්ෂණ කාලය ආරම්භ කර ඇත.
මේ අතර, ඉබෝලා වසංගතය හේතුවෙන් එක්සත් ජනපදය DRC සිට පැමිණෙන සංචාරකයන්ට මෙන්ම මෑතකදී උගන්ඩාව සහ දකුණු සුඩානය සංචාරය කළ ඇතැම් පුද්ගලයන්ටද ඇතුළුවීමේ සීමා පනවා තිබේ