4, 13 අංකවලින් එන කෝල් ඉස්සුවොත් ෆෝන් එක පුපුරයි - මෙන්න අලුතෙන්ම ඇහෙන ආරංචිය. - විශේෂ නිවේදනයක්.

Smart Phones Technology Mobile Phones
By Wayomi Oct 24, 2024 11:49 AM GMT
Wayomi

Wayomi

Report

4 හෝ 13 ක් අංක වලින් ආරම්භ වන දුරකථන ඇමතුමක් ලැබුණහොත් කිසිම තත්ත්වයක් යටතේ පිළිතුරු නොදෙන ලෙසත් ඒවාට පිළිතුරු දුන් වහාම දුරකථනය පුපුරා යනු ඇති බවටත් සමාජ ජාලවල පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ලංකාව ලඟින් ගියත් ඇති බෝම්බයක් අහසින් හරි කඩාපාත් වෙනවා. - තවත් බෝම්බ බියක් නිසා අදත් කටුනායක කලබල වෙයි.

ලංකාව ලඟින් ගියත් ඇති බෝම්බයක් අහසින් හරි කඩාපාත් වෙනවා. - තවත් බෝම්බ බියක් නිසා අදත් කටුනායක කලබල වෙයි.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඒ, අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් කලබල වීමේ කිසිදු වුවමනාවක් නැති බවයි.

"ඔබට 13 හෝ 4 න් ආරම්භ වන අංක වලින් ඇමතුමක් ලැබුනහොත් කිසිම තත්වයක් යටතේ පිළිතුරු නොදෙන්න. ඔබ ඇමතුමට පිළිතුරු දුන් වහාම ඔබගේ දුරකථනය පුපුරා යනු ඇත. මෙය දැනටමත් සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ සිදුවී ඇති අතර ඉන් බොහෝ දෙනෙක් මිය ගොස් ඇත. එය ශ්‍රී ලංකාවට ද බලපාන්නේ දැයි මට විශ්වාස නැත. කෙසේ වෙතත් අංක 13 හෝ 4 න් ආරම්භ වන ඇමතුම්වලට පිළිතුරු නොදෙන්න. මෙම පණිවිඩය සියලු දෙනා සමඟ බෙදා ගන්න" යයි අදාල වීඩියෝවෙන් උපදෙස් දෙයි.

නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ එම ඇමතුමෙන් පවසන ආකාරයට ජංගම දුරකථන පිපිරි යාමේ සිද්ධියක් මෙතෙක් කිසිදු තැනකින් වාර්තා වී නොමැති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ නිෂ්පාදන දෝෂයක් නිසා දුරකථනයක් පුපුරා යා හැකි වුවත් ලැබෙන ඇමතුමකින් එය එවැන්නක් සිදු නොවන බවත් මෙවැනි දුර්මත විශ්වාස නොකරන ලෙසත් සංසදය මහජනතාවට දන්වා සිටිනවා.

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)