ලංකාව ලඟින් ගියත් ඇති බෝම්බයක් අහසින් හරි කඩාපාත් වෙනවා. - තවත් බෝම්බ බියක් නිසා අදත් කටුනායක කලබල වෙයි.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන හදිසි ගොඩ බස්සවා ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස අද පස්වරු 02.56ට පමණ ගොඩබස්වා ඇත්තේ, ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානයයි.
එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටි බව සඳහන්.
කෙසේ වෙතත් මෙම ගුවන් යානයේ බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බවයි බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම නිවේදනය කළේ.

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)
