රාජ්‍ය ආයතන 36ක පැටිකිරිය හෙළිවෙයි.!

Report

වසර 5කට වැඩි කාලයක් තිස්සේ රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරී සහ රාජ්‍ය සමාගම් 36ක් විසින් ඔවුන්ගේ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොකිරීම හේතුවෙන්, එම ආයතනවල ආදායම්, වියදම් මෙන්ම ලාභ-අලාභ ගණනය කිරීමට නොහැකිව, විගණකාධිපති දෙපාර්තමේන්තුව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත.

මෙම ආයතන 36 විසින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් වන අතර, එම වාර්තාවට අනුව, තේ ශක්ති අරමුදල 2017 වසරෙන් පසු කිසිදු මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති අතර, 2018 වසරෙන් පසු ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව සහ ධීවර සංස්ථාව විසින් ද කිසිදු මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නැති බව සඳහන් වේ.

Miss World තරගාවලියේ Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට ගිය අනුදි!

Miss World තරගාවලියේ Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට ගිය අනුදි!

මෙම ආයතනවල ලාභ-අලාභ පිළිබඳ කිසිදු තොරතුරක් විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති අතර, එම ආයතනවල වගකීම දරන මහා භාණ්ඩාගාරය හෝ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් ද ඒ සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදුකර නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවට අනුව, රාජ්‍ය සමාගම් 13ක් නියමිත කාලයට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොමැති අතර, ලංකා සතොස, මිකෝ පෞද්ගලික සමාගම, කුකුළු පාලන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ධීවර සංස්ථාව ඇතුළු සංස්ථා 4ක්, ව්‍යවස්ථාපිත මණ්ඩල 6ක්, ව්‍යවස්ථාපිත අධිකාරී 3ක් සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන 13ක් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නැත.

විපක්ෂයේ කුඩු සල්ලි බෙදා ඡන්ද ගත් අය ගැන විමර්ශන

විපක්ෂයේ කුඩු සල්ලි බෙදා ඡන්ද ගත් අය ගැන විමර්ශන