ඉදිරි පැය 36 අනතුරු ඇඟවීමක්. - වෙන්න යන දේ මෙන්න.
By Wayomi
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36යේ දී මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට සවස 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
