මා හට බිය වීමට කිසිවක් නැත.. දේශපාලන බලය තාවකාලිකයි - රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නාමල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර ඇත.

ඒ අනුව අඳාළ සටහනේ සඳහන් කර ඇත්තේ, තමාට එරෙහිව කිසියම් හෝ සාක්ෂියක් පවතින්නේ නම් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි. එමෙන්ම කිසියම් වරදක් සිදුව ඇත්නම් ඊට අදාළ නීතිමය පසුබිම යටතේ කටයුතු කිරීමටද සූදානම් බව ද ඔහු සඳහන් කර ඇත.

අඳාළ සටහන පහතින් උපුටා දක්වා ඇත,

නාමල්ව අත්අඩංගුවට ගත්තැයින් දේශපාලන පක්ෂ උණුසුම් වෙයි - කැළඹුණු එජාපයෙන් නිවේදනයක්

නාමල්ව අත්අඩංගුවට ගත්තැයින් දේශපාලන පක්ෂ උණුසුම් වෙයි - කැළඹුණු එජාපයෙන් නිවේදනයක්

"වසර දෙකක් පුරාවට ඔවුන් කියා සිටියේ අපට එරෙහිව ඔවුන් සතුව සාක්ෂි තිබෙන බවයි. සොරා ගත් මුදල් නැවත ලබා ගෙන සත්‍ය හෙළි කරන බවයි. මා සම්බන්ධව යම් සාක්ෂියක් පවතින්නේ නම්, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. කිසියම් වරදක් සිදු කර ඇත්නම් එයට අදාළ නීතිමය පසුබිම යටතේ කටයුතු කිරීමට මම සූදානම්. නීතියට මුවා වී වෛරී සහගත දේශපාලන පලි ගැනීම් සිදු නොවිය යුතු බව අවධාරණය කරමි. අද දිනයේ සැප්තැම්බර් 18 දක්වා මා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙනවා. හෙට රජය බලයට පැමිණ වසර දෙකක් ගතවන මොහොතේ ජන හමු පැවැත්වීමට නියමිත අතර,ජනාධිපතිවරයා එහිදී ජනතාව අමතනු ඇත. වසර දෙකක පාලනයෙන් පසුව ජනතාව වෙනුවෙන් සැබැවින්ම ඉටු කළේ කුමක්දැයි බරපතල ගැටළු බොහෝමයක් මතු වී ඇති අවස්ථාවක, අද මේ සිදුවීම නොසලකා හැරීම අපහසු ය. එසේම, සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත අපගේ දැවැන්ත ජන රැළිය සඳහා දහස් ගණනින් ජනතාව එක්වීමට නියමිතය. මා හට බිය වීමට කිසිවක් නැත. සඟවා තැබීමට කිසිවක් නැත. මා සෑම මොහොතකම විශ්වාස කළ නිවැරදි දෑ වෙනුවෙන්ද, මා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ද පෙනී සිටින අධිෂ්ඨානයෙන් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමි.

මාගේ නිදහස අහිමි කළ හැක්කේ එක්තරා කාලයකට පමණි. නමුත් මාගේ හඬ, මාගේ විශ්වාසයන් හෝ මාගේ ආදරණීය මාතෘ භූමියේ ජනතාව වෙනුවෙන් මා කරන කැප කිරීම උදුරා ගත නොහැක. දේශපාලන බලය තාවකාලිකය. සත්‍ය සදාකාලිකය. මේ සියලු සිදුවීම් කුමක් උදෙසාද, කවදා කවුරුන් විසින් සිදු කළේද යන්න ඉතිහාසය සාක්ෂි දරනු ඇත. මේ සියල්ලටම මම නොබියව මුහුණ දෙමි.
- නාමල් රාජපක්ෂ"

ඊයේ (04) දින උදෑසන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ලංගම සහ පෞද්ගලක බස් රථ මගීන්ට දැනුවත් කිරීමක් - ඉදිරි සතියේ බස් ධාවනය වෙන්නේ මෙහෙමයි - ඒකාබද්ධ කාලසටහනක්

ලංගම සහ පෞද්ගලක බස් රථ මගීන්ට දැනුවත් කිරීමක් - ඉදිරි සතියේ බස් ධාවනය වෙන්නේ මෙහෙමයි - ඒකාබද්ධ කාලසටහනක්