විදුලි කප්පාදුවක් ගැන පැතිරෙන පුවතේ ඇත්ත නැත්ත මෙන්න - බලශක්ති ඇමතිගෙන් රටටම දැනුම්දීමක්
බිඳවැටිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට 2026 හා 2027 වසර සඳහා ගල්අඟුරු ගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබෙන බවයි.
එසේම ගල්අඟුරු හිඟවීමක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසා ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකාවටම සුබ ආරංචියක් - රු බිලියන 27 ක ලාභයක් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට මේ ඉන්ධන මිල පහළට