නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

Report

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස්  මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව, නොවැම්බර් මාසය සඳහා ද දැනට පවතින ගෑස් මිල ගණන් ඒ ආකාරයෙන්ම වලංගු වනු ඇත. මෙම තීරණයත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815ක මිලකට අලෙවි කෙරේ.

ගෑස් එනකම් මඟ බලපු ජනතාවට සුභ ආරංචියක් - අද දින ලැබෙන්න යන ගෑස් සිලින්ඩර තොගය මෙන්න

ගෑස් එනකම් මඟ බලපු ජනතාවට සුභ ආරංචියක් - අද දින ලැබෙන්න යන ගෑස් සිලින්ඩර තොගය මෙන්න

අද පස්වරුව වෙන විට මේ ප්‍රදේශ සඳහා වෙන්න යන දේ මෙන්න - විශේෂ අනතුරු ඇගවිමක්

අද පස්වරුව වෙන විට මේ ප්‍රදේශ සඳහා වෙන්න යන දේ මෙන්න - විශේෂ අනතුරු ඇගවිමක්