එළියට ගිය කන්ටේනර් තුන්සිය විසි තුන ගැන නැවත සොයයි - විපක්ෂයේ මන්ත්‍රීවරු හතරක් වැඩේට බැහැලා

Report

පසුගියදා බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණු කන්ටේනර් 323 සම්බන්ධයෙන් නැවත වතාවක් දේශපාලන වේදිකාව තුළ කතා කරන්න පටන් අරන්.

ඒ අනුව රේගු පරීක්ෂාවකින් තොරව පිට කරන ලද්දේ යැයි සඳහන් කරන මෙම කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුවේන් පත් කිරීමට විශේෂ කාරක සභාවට විපක්ෂයේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙක් නම් කර තිබෙන බවට සඳහන් වේ.

ඒ අනුව විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී.පෙරේරා ,මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර,ෂානක්කියන් රාසමාණික්කම් යන මන්ත්‍රීවරුන් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් කිරීමට තීරණය කළ බව විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කරයි.

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනාගේ නම් විපක්ෂ නායක කාර්යාලය මගින් ඊයේ(11) දින ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මියට යැවූ බවයි.

කන්ටේනර් 323 නිදහස් කිරීම ගැන සොයාබැලීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කඩිනමින් පත්කර කඩනමින් රැස් වනු ඇතැයි කියා තමා බලාපොරොත්තු වන බවද ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂය මගින් නියෝජිතයින් අට දෙනෙකු නම් කිරීමට නියමිත බවද වාර්තා වේ.

අස්වැසුම ඔයාගේ පොතටම වැටෙන දිනේ මෙන්න

අස්වැසුම ඔයාගේ පොතටම වැටෙන දිනේ මෙන්න