කිසිදු ඉන්ධන හිඟයක් නැහැ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

Report

ඉන්ධන ඛෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය ආකාරයට කටයුතු සිද්ධ වන බවත් හොන්ගයක් නොමැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

ඒ අනුව, ඉන්ධන ඛෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බව අද (01) පෙරවරු‌වේ පවතී රැස්වීමකදී සභාපතිවරයා පවසා සිටියා.

අද උදෑසන වන විට CPC ආයතනයට මුදල් ගෙවා ඉන්ධන තොග 1696ක් ඇණවුම් කර තිඛෙන බවත්, එසේම, IOC සඳහා 471ක්, Sinopec සඳහා 391ක් සහ RM Park සඳහා 366ක් ආදී ලෙස මුළු ඉන්ධන තොග 2924ක් සාමාන්‍ය පරිදි බෙදා හරිමින් පවතින බවද ඔහු සඳහන් කළා.

යම් කණ්ඩායමක් විසින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හරහා කළබලයක් ඇති කිරීම නිසා මහජනතාව බිය වී ඉන්ධන පෝලිම් ඇති වී ඇති බවත්, මෙම කරුණ ගැන සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා දින සවස 2.00ට අදාළ පාර්ශ්ව කැඳවන බවත් ඔහු සඳහන් කළා.

මේ අනුව ගත්විට, ඉන්ධන ගැටළුවක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, රටේ ජනතාවට අනවශ්‍ය ලෙස කලබල වීමට හේතුවක් නොමැති බවයි ඛනිප් තෙල් නීතිගතසංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් පවසා සිටියේ.

මෝටර් රියක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

මෝටර් රියක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපනය කිරීමට එකඟත්වය

ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපනය කිරීමට එකඟත්වය