ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපනය කිරීමට එකඟත්වය

By Zara Mar 01, 2025 01:02 PM GMT
Zara

Zara

Report

දස වැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධික්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත ද ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

ඒ අනුව අදාළ ආංශික අධික්ෂණ කාරක සභා 7 සියලු අමාත්‍යාංශ වල විෂය පථයන් ආවරණය වන පරිදි පිහිටු වීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්වරුන් විසින් කර ඇති ඉල්ලීමට ද කාරක සභාවේ අනුමතිය හිමිවූ බව මහලේකම්වරිය සඳහන් කළා.

ReeCha