මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අද දහවල් සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වැලිගම පොලිසිය සඳහන් කරයි.
වැලිගම, හෙට්ටිවීදිය, දෙවන පටුමග පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර වවුනියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී ඇති බව වාර්තා වේ.
මවක් සිය දියණිය අමතර පන්තියකට රැගෙන යාම සදහා මෝටර් රථයෙන් වැලිගම නගරයට ගමන් කරමින් සිට තිබෙන අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.