77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ...

Report

77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

"සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදුකිරීමට අප සියලුදෙනා එකට අත්වැල් බැඳගනිමු"- අගමැතිනියගේ නිදහස් දින පණිවිඩය..

"සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදුකිරීමට අප සියලුදෙනා එකට අත්වැල් බැඳගනිමු"- අගමැතිනියගේ නිදහස් දින පණිවිඩය..

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ, මෙලෙස නිදහස හිමිවන සිරකරුවන් අතර පිරිමි සිරකරුවන් 279 දෙනෙකු සහ කාන්තා සිරකරුවන් 06 දෙනෙක් වන බවයි.

මීට අමතර ව 77 වන නිදහස් දිනයට සමගාමීව අද (04) දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

"නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම"-විපක්ෂ නායකතුමාගේ නිදහස් දින පණිවිඩය

"නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම"-විපක්ෂ නායකතුමාගේ නිදහස් දින පණිවිඩය

ඒ අනුව ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදිය හැකියි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

You may like this video