චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව අද...
By Parami Dissanayake
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය චීන ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
මෙම සැසිය අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබෙනවා.
‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ කෙටුම්පත’ ජනාධිපතිවරයා එහිදී විග්‍රහ කර ඇති බව සඳහන් ය.