ජනපතිට පොහොට්ටුවෙන් සති 02ක කාලයක්...

Report

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, ලබන 29 වැනිදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා ගත යුතුව පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැකි වන්නේ එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බව එම පක්ෂය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් සිදුකළ විමසුමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අගදී සිදු කරන බවයි.

ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර සති 4ත් 6ත් අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද ඔහු ප්‍රකාශ කළේය.