2026 වෙසක් පෝය නිල වශයෙන් ප්‍රකාශයට - මෙන්න විස්තරේ
මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය 2026.05.30 වැනිදාට යොදා ගන්නා ලෙසත් වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බවත් , එම දිනය එළබෙන මැයි මස 30 වැනිදා යෙදෙන බවත් අතිගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපතිතුමා වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ලිඛිතව දැනුම් දී ඇත.
ඊට අදාළ කරුණු පිළිබඳ 2026.01.06 දින පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම සාකච්ඡාවේදී 2026 වෙසක් පුර පසළොස්වක පොහොය දිනය 2026.05.30 ලෙස සැලකිය යුතු බවත් වෙසක් සතිය වශයෙන් 2026.05.27 සිට 2026.06.02 දක්වා ප්‍රකාශයට පත් කළ යුතු බවත් යෝජනා විය.
ඒ අනුවයි 2026.05.30 දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසත් ඒ සබැඳි නිවාඩු දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන ලෙසත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් 2026.02.16 දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මඟින් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉල්ලීමක් යොමු කර ඇත.
එසේම ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවය ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ 2026.03.16 දිනැති ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2026.03.30 දින ලබා දුන් අංක අමප/26/0553/822/018 හා 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව 2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය 2026.05.27 දින සිදු කිරීමටත් වෙසක් පොහොය දිනය 2026.05.30 දින ලෙස සැලකීමට හා 2026.05.27 සිට 2026.06.02 දින දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇත.