2026 T20 ලෝක කුසලානයට දින ගැනපු අයට මෙන්න සුබ ආරංචියක්
2026 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන එළිදැක්වීම අද දින(25) සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තව දින 80ක් පමණි. එසේම මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත් වෙයි.
කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරග 55ක් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව මෙහි නිල තරග කාලසටහන එළිදැක්වීම අද දින මුම්බායිහීදී සිදු කරන බව වාර්තා වේ.
මෙම නිල උත්සවය සඳහා ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන රෝහිත් ෂර්මා, සූර්ය කුමාර් යාදෙව්, හර්මන් ප්‍රීත් කෞර් එක් වන අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ.
මෙරට වේලාවෙන් අද පස්වරු 6.30ට නිල කාලසටහන එළිදැක්වීමේ උත්සවය ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තරගාවලිය එළැඹෙන වසරේ පෙබරවාරි 7සිට මාර්තු 8වැනිදා දක්වා පැවැත්වේ.