දිවයිනේ සියළුම භික්ෂූන් වහන්සේලා අද කොළඹට - මහ සඟ සමුළුවක්

Report

අද (27) දින ශාසනාරක්ෂක සංඝ සභාව විසින් මහා සංඝ සමුළුවක් කැදවා ඇත. ඒ අනුව කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පස්වරු 2.30ට මෙම සංඝ සමුළුව පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.

මෙම සමුළුව කැඳවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විසින්.

එසේම ඒ සදහා දිවයිනේ සියළුම ප්‍රදේශවල මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි. මෙය 'සුඛා සංඝස්ස සාමග්ගී' යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති අනර්ථකාරී තත්ත්වයට එරෙහිව පැවැත්වෙයි.

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

ඒ පිළිබඳව අදහස් පළ කළ ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේ,

"ශාසනාරක්ෂක සංඝ සභාව මඟින් 'සුඛා සංඝස්ස සාමග්ගී' තේමාකරගනිමින් සංඝයාගේ සමගිය වෙනුවෙන් රටට සම්බුද්ධ ශාසනයට, රට දැය සමය ගොඩනගන්නට, ඉදිරියට ගෙන යන්නට, අරමුණු කරගනිමින් අපි අද දවසේදී සවස 2.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයදී මහා සඟ සමුළුවක් පැවැත්වීමට සියලු කටයුතු මේ වනකොට සූදානම් වෙලා තිබෙනවා. දහස් ගාණක් මහා සංඝරත්නය සිව්දිගින්, මුළු මහත් ලංකාවම නියෝජනය කරමින් වැඩම කරවන්නට නියමිතයි. වර්තමානය වනවිට රටේ ශාසනික වශයෙන් ඇතිවී තිබෙණ විවිධ අර්බුද කාරී තත්ත්වයන් සමනය කරන්නට අදාළ බලධාරීන්ට යෝජනාවලියක් සම්මත් කරගෙන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙන්.  

ලෝකෙටම සැනසීමක් දුන් ඉරානයේ පණිවුඩය - ප්‍රහාර නවතී

ලෝකෙටම සැනසීමක් දුන් ඉරානයේ පණිවුඩය - ප්‍රහාර නවතී

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්