රටම බියෙන් සලිත කළ ඩෙංගු රැල්ල - මේ දක්වා 61 දෙනෙකු ජීවිතක්ෂයට - වැඩිම බලපෑම ගම්පහට

Report

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ම් සදහන් කර තිබේ ඒ අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 82,011 වාර්තා වී ඇති බව මෙන්ම ඩෙංගු රෝගය හමුවේ පුද්ගලයින් 61 ක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එම ඒකකය සදහන් කරයි.

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,395 කි. දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,294 ක් ලෙසද සටහන් වී ඇත .

ඩෙංගු මර්දනයට ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් නව සහාය වැඩසටහනක්

ඩෙංගු මර්දනයට ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් නව සහාය වැඩසටහනක්

මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 43,388 ක් ලෙස වාර්තා වී තිබේ.

දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,419කි. මේ යටතේ දිවයින පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අවදියක අධි අවදානම් කළාප 175ක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි