දෙහිවල සුසාන භූමියේ වෙඩි තැබීමට ආ අතීත රහස එළියට - විදේශයක සිට මෙහෙයවූ මහා මොළකරු අසුවේ

Report

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ගිනි අවියක් එල්ල කර බියගන්වා තර්ජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

  බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (26) උදෑසන මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේදීය.

2026 ජූලි 19 වනදා දෙහිවල පොලිස් වසමේ නිසල අරණ සුසාන භූමිය තුළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම, ගල්කිස්ස පොලිස් වසමේදී ගිනි අවියක් එල්ල කර පුද්ගලයෙකු බියගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකර ඇත.

 එම විමර්ශනවලදී ලද තොරතුරකට අනුව, එම අපරාධවල යතුරුපැදිකරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන 25 හැවිරිදි අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රටම කළඹන දෙවිනුවර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් බස්නායක නිලමේගෙන් නිවේදනයක්

රටම කළඹන දෙවිනුවර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් බස්නායක නිලමේගෙන් නිවේදනයක්

 සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇත අදාළ අපරාධ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ .

අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන 3ක් සහ අපරාධ සිදු කිරීම සඳහා සැකකරුට ලබාදී තිබූ රුපියල් ලක්ෂ 2ක මුදලින් රුපියල් 55,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.