ලෝකෙටම සැනසීමක් දුන් ඉරානයේ පණිවුඩය - ප්‍රහාර නවතී
එක්සත් ජනපදය ද සිය ප්‍රහාර නතර කරන්නේ නම්, ඉරානය තමන්ගේම ප්‍රහාර නවත්වනු ඇති බවට ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ(26) දින පැවසූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණයට හේතු වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින් ඔහුට ඉලක්ක නොමැති බව පැවසීමෙන් පසු සහ එක්සත් ජනපද අවි ගබඩාව ක්ෂය වීම පිළිබඳව කනස්සල්ල පළ කිරීමෙන් පසු එක්සත් ජනපදය සිය බෝම්බ හෙලීමේ ව්‍යාපාරය අත්හිටුවීමට බල කිරීමත් සමඟයි.
ඉරානයට එරෙහිව ඇමරිකානු ගුවන් ප්‍රහාර රාත්‍රී 13ක් පුරා එල්ල කිරීමෙන් අනතුරුව ඉකුත් 24 වන දින අගභාගයේදී පෙන්ටගනය මෙහෙයුම අත්හිටුවා තිබෙනවා. එමෙන්ම සෙනසුරාදා හෝ ඉරිදා දින කිසිදු ඇමරිකානු ප්‍රහාරයක් වාර්තා නොවීය.
හෝමූස් සන්ධියේ මහ විනාසයක් - ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බෝම්බයක ගැටී ප්‍රබල පිපිරීමක් - ඉරානයෙන් රතු එළි
එසේම ඉරාන නිලධාරියෙක් ටෙහෙරානයේ ස්ථාවරය "'ප්‍රහාරයට ප්‍රහාරයක්' ලෙස පවතින බවත් ප්‍රහාර නතර වුවහොත් ඉරානය ද එහි මෙහෙයුම් නවත්වනු ඇති බවත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එම පණිවිඩය දැනටමත් එක්සත් ජනපදයට දැනුම් දී ඇති බව සඳහන්. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති මයික් වෝල්ට්ස් "ෆොක්ස් නිව්ස් සන්ඩේ" සහ අනෙකුත් ඇමරිකානු මාධ්‍ය වෙත පැවසුවේ, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා වැඩි කාලයක් ලබා දීම සඳහා ඇමරිකානු ප්‍රහාර අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කර ඇති බවයි.