අද සිට රටට වෙන්න යන දේ - තත්ත්වය මේකයි නිවේදනයක්

Report

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින(25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවයි.

එසේම උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව වාර්තා වේ.

එමෙන්ම රටේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පස් කන්දක් නායයයි - රථ වාහන ධාවනයට බාධා

පස් කන්දක් නායයයි - රථ වාහන ධාවනයට බාධා

අඳාළ නිවේදනයෙහි නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වයි.

තවද උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ ලග්නවල අය අද කේන්ති ගන්නේ නැති තරමට හොඳයි - වාද විවාද නිසා නොසිතන දේ වෙයි

මේ ලග්නවල අය අද කේන්ති ගන්නේ නැති තරමට හොඳයි - වාද විවාද නිසා නොසිතන දේ වෙයි

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක පොලු තියලා - පාඨලී

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක පොලු තියලා - පාඨලී