දිට්වා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කිඹුල්වාන මාර්ගය සංවර්ධනයට මිලියන 175.8ක්

Report

'දිට්වා' ව්‍යසනය හේතුවෙන් දැඩි හානි සිදුවූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගයේ කිඹුල්වාන වැව මැදින් දිවෙන කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතා භාවිතයට යළි විවෘත කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පැවසීය.

'දිට්වා' ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා රුපියල් මිලියන 175.8ක ඇස්තමේන්තුගත මුදලක් වෙන් කර තිබේ.

ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මාර්ගයට සිදුවූ හානිය හේතුවෙන් මැල්සිරිපුර සහ කුඹුක්වැව අතර ගමන් කරන ජනතාවගේ දෛනික ගමනාගමනයට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනයටද දැඩි බාධා එල්ල වූ බවයි.

ශ්‍රී ලංකාවට ආදායම් ගලයි - ජූලි මාසයේ මුල් දින 21ට ආපු සංචාරකයන් ගණන මෙන්න

ශ්‍රී ලංකාවට ආදායම් ගලයි - ජූලි මාසයේ මුල් දින 21ට ආපු සංචාරකයන් ගණන මෙන්න

මෙම ව්‍යාපෘතිය මඟින් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව, ජනතාවගේ දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආරක්ෂිත ගමනාගමන පහසුකම් යළි ස්ථාපිත කිරීමද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

නියමිත කාලසීමාව තුළ උසස් ප්‍රමිතියකින් යුතුව ව්‍යාපෘතිය නිම කර ජනතා අයිතියට පත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිලිප් චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ අතර, මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේද ඉහළ උනන්දුවක් දක්නට ලැබිණි.

සුගතදාස තටාකය වැඩිදියුණු කෙරේ - වසර 25 කට පසු ප්‍රථම වරට

සුගතදාස තටාකය වැඩිදියුණු කෙරේ - වසර 25 කට පසු ප්‍රථම වරට