රටම කළඹන දෙවිනුවර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් බස්නායක නිලමේගෙන් නිවේදනයක්
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව ඊයේ (26) පස්වරුවේ දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එහි සඳහන් කර ඇත්තේ, 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වැනි පේළි පෙරහරට කාවඩි නර්තන අංගය එක් කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.
එසේම ලියාපදිංචි කාවඩි නර්තන කණ්ඩායම් 25කට පමණක් එම නර්තන අංගයට සහභාගි වීමට අවසර ලබාදෙන බවද බස්නායක නිලමේවරයා සිය නිවේදනයෙන් දැනුම් දී ඇත.
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද සතුට සැනසුම ඉතිරෙන සුබම සුබ දවසක් - අද ලංකාවම හොයපු දවසේ ලග්න පලාපල මෙන්න
අඳාළ නිවේදනය පහතින් උපුටා දක්වා ඇත,
"දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ 06 වැනි පේළි පෙරහැරෙහි කාවඩි නර්තන සම්බන්ධ කිරීම සම්බන්ධව මාගේ කිසිම විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කරමි. තවද, ලියාපදිංචි කණ්ඩායම් 25 පමණක් නර්තනයේ යෙදීමට අවසර ලබාදෙමි."
එමෙන්ම දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන මෙන් මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා මීට පෙර නිර්දේශ කර තිබුණු අතර කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා යොමු කළ බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් පසු දිස්ත්‍රික් ලේකම්වරයා එම දැනුම්දීම සිදුකර ඇත.