කල් දැමූ විභාගය ජනවාරි මස පැවැත්වේ
අධ්‍යාපන අමාත්‍යංශය විසින් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව නිවේදනය කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන ආකාරයට ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු වේ.
තවද අදාළ විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.