අ.පො.ස.උසස් පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්

Report

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට ලබා දී ඇති කාලසීමාව ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එම දිනයෙන් පසු සංශෝධන සඳහා කාලය දීර්ඝ නොකරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

ඒ අනුව, අ.පො.ස. (උ.පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වෙන බවත්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා දින විභාග මධ්‍යස්ථාන 1665කදී පැවැත්වෙන බවත් එම නිවේදනයේ සදහන් වේ.

එහිදී පාසල් අයදුම්කරුවන් සඳහා අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා වන ප්‍රවේශපත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වන විට අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇති අතර, විදුහල්පතිවරුන් විසින් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂයභාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඒවා භාර ගත යුතු බවත්, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ රජයේ පාසල් විදුහල්පතිවරුන් https://onlineexams.gov.lk/eic/ වෙබ් අඩවිය වෙත පිවිස, ඔවුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන ගිණුමට පිවිස අදාළ ප්‍රවේශ පත්‍ර සංශෝධනය කළ යුතු බවත්, පෞද්ගලික පාසල් (සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය) https://onlineexams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවිය වෙත පිවිස, පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන අදාළ සංශෝධන සිදු කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ, අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හෝ විෂයයන්හි කිසියම් සංශෝධනයක් ඇත්නම්, එම වෙබ් අඩවිය තුළින්ම එය සිදු කළ හැකි බවයි.

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

ඉස්සරහට කසාද බදින්න බැරි වෙයිද? අලුත්ම වාර්තාව මෙන්න

ඉස්සරහට කසාද බදින්න බැරි වෙයිද? අලුත්ම වාර්තාව මෙන්න