නවසීලන්තය පළමු වරට අද සටනට එයි.. ශ්‍රී ලංකාව අද පැරදුනොත් ගෙදර!!..

Report

අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරන 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැත්වෙන 14 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

එම තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා .

ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම තරගවදින පළමු තරගය මෙය වන අතර, ඇෆ්ගනිස්ථානය සහභාගී වන දෙවන තරගය මෙය වේ.

20T ඉදිරි ශ්‍රී ලංකා තරඟ ගැන මැතිව්ස් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

20T ඉදිරි ශ්‍රී ලංකා තරඟ ගැන මැතිව්ස් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..


උගන්ඩා කණ්ඩායම සමග පැවති තරගයෙන් උගන්ඩා කණ්ඩායම ලකුණු 58කට සියළු දෙනා දවාගනිමින් ඇෆ්ගනිස්ථානය ලකුණු 125ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පසුගිය ජූනි 04 වැනිදා සමත් වුණා.

මේ අනුව, අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 05.00ට ආරම්භ වන අතර, එම තරගය Providence Stadium, Guyana හිදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00 ට ඩලස් හි, Grand Prairie Stadium හිදී T20 ලෝක කුසලානයේ 15 වැනි තරගය ලෙසින් සහ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය ලෙසින්ද 'ඩී' කාණ්ඩය යටතේ බංග්ලාදේශය සමග ආරම්භ වීමට නියමිතව ඇත.

මතීෂ හා සමාන ක්‍රීඩකයෙක් හදිසියේම ගෙන්නයි..හේතුව මෙන්න..

මතීෂ හා සමාන ක්‍රීඩකයෙක් හදිසියේම ගෙන්නයි..හේතුව මෙන්න..


ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පසුගිය 03 වැනිදා දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සියලු දෙනා දැවී යාමෙන් පළමු තරගයම අමිහිරි පරාජයකට මුහුණ දෙනු ලැබී ය.