මෙවර ජනපතිවරණය සඳහා තරග කරණ අපේක්ෂකයින් නිලවශයෙන් නම් කරයි..එම පිරිස මෙන්න.
2024 වසර ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂයින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව, මෙවර තරඟ කරන අපේක්ෂකයින් වන්නේ,
රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
අනුර කුමාර දිසානායක
සරත් ෆොන්සේකා
නාමල් රාජපක්ෂ
දිලිත් ජයවීර
ඒ.එස්.පී. ලියනගේ
විජයදාස රාජපක්ෂ
නුවන් බෝපගේ
සරත් කීර්තිරත්න
ඕෂල හේරත්
පී.ඩබ්ලිව්.එස්.කේ.බණ්ඩාරනායක
කේ.කේ.පියදාස
සිරිතුංග ජයසූරිය
අජන්ත ද සොයිසා
ආනන්ද කුලරත්න
සරත් මනමේන්ද්‍ර
බත්තරමුල්ලේ සීලරතන හිමි
අක්මීමන දයාරත්න හිමි
සිරිපාල අමරසිංහ
කේ.ආර්. ක්‍රිෂාන්පා
නි විජේසිරිවර්ධන
ඇන්ටනි වික්ටර් පෙරේරා
මුහම්මද් ඉල්යාස්එ
ම්.එම්. ප්‍රේමසිරි
සිඩ්නි ජයරත්න
ටී.එම් බණ්ඩාරනායක
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
එම්.තිලකරාජා
ජේ.ඩී.කේ.වික්‍රමරත්න
රොෂාන් රණසිංහ
මහින්ද දේවගේ
අනෝජ් ද සිල්වා
පී.ආරියනේත්තිරන්මෙ
හොහඩ් ඉන්ෆාස්ජ
නක රත්නායක
ලලිත් ද සිල්වා
සරත් ගුණරත්න
අනුරුද්ධ පොල්ගම්පොළ
යන අය වනවා.
මේ අතර, බත්තරමුල්ල සීලරතන හිමි,ඕෂල හේරත් සහ ජනක රත්නායක යන අයට එරෙහිව විරෝධතා ගොනු කළ තිබූ බවත් ඒවා සලකා බැලීමෙන් පසු ප්‍රතික්ෂේප කළ බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.
මෙහිදී ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ ද නාමයෝජනා පත්‍රය සඳහා අත්සන් තබා ඇත්තේ අපේක්ෂකයින් 39 දෙනෙක් පමණක් බවයි මැතිවරණ කොමිසම දැනුම්දෙනු ලැබුවේ.
මෙවර දේශපාලන පක්ෂ 22කින් හා ස්වාධීනව අපේක්ෂකයන් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ 01 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඇප මුදල් තැන්පත් කර ඇති සහ නාම යෝජනා අතසන් තැබූ මැතිවරණය මෙවර වීම ද විශේෂත්වයක්.
2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණා.
මැතිවරණ කොමිෂන් සභාව පිහිටි රාජගිරිය සරණ මාවත අවට ප්‍රදේශය විශේෂ ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇති අතර, අවසරලත් වාහන හා පුද්ගලයන් හැර වෙනත් කිසිවකුට ඇතුළුවීම තහනම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
නාමයෝජනා පත්‍ර භාරගැනීම 11.00ට අවසන්වී ඇති අතර, විරෝධතා ඉදිරිපත් කිරීම පෙරවරු 11.30 දක්වා සිදුවිය.