රිය අනතුරකින් 20ක් මරුට.
Accident
South Africa
Death
World
By Hashini
දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පතල් කම්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සිම්බාබ්වේ දේශ සීමාවට ආසන්නයේ පිහිටි මුසිනා ප්‍රදේශයේ පිහිටි Venetia දියමන්ති පතලේ කම්කරුවන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.
මියගිය පිරිසෙන් 17 දෙනෙකු පතල් කම්කරුවන් බවට තහවුරු වී ඇති අතර අනතුරින් තවත් 4 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.
මෙම පතල දකුණු අප්‍රිකාවේ විශාලතම දියමන්ති පතල් අතරින් එකක් වනවා.
දියමන්ති පතලේ හිමිකරු පවසා ඇත්තේ, ජීවිතක්ෂයට පත් කම්කරුවන්ගේ පවුල්වලට වන්දි ප්‍රදානය කරන බවයි.
