අනේ දෙයියනේ - රටපුරා ආබාධිත වනඅලි මෙච්චරක්

Report

දිවයින පුරා ආබාධිත තත්ත්වයෙන් පීඩාවට පත් වන අලි 20 දෙනෙකුට දැනටමත් ප්‍රතිකාර ලබාදෙමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රෝහිත දුව බෑනා පවුල් පිටින් හැංගිලාද?

රෝහිත දුව බෑනා පවුල් පිටින් හැංගිලාද?

මෙම අලින්ද පළමු ගණනක් වෙඩි වැදීම් සහ මදුවලට හසුවී පාද ආබාධ වලට ලක්වූ බවත්, ඒ හේතුවෙන් ඔවුන් දැඩි නඩත්තු අවශ්‍ය වන බවත් දෙපාර්තමේන්තුව පැවසීය.

වර්තමානයේ ප්‍රතිකාර ලබමින් සිටින අලි සංඛ්‍යාව ප්‍රදේශ අනුව වෙන් වන්නේ: අනුරාධපුර වනජීවි කලාපයේ 8 දෙනෙක්, පොළොන්නරුවෙන් 4 දෙනෙක්, වයඹ කලාපයෙන් 3 දෙනෙක් සහ ඌව කලාපයෙන් 5 දෙනෙකු ලෙසය.

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

මෙම අතර, දිගම්පතහ ප්‍රදේශයෙන් වාර්තා වූ වන අලි මරණ තුන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික සහ තවත් සහය ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා සඳහන් කළා.

එමෙන්ම, සංවිධානාත්මක කණ්ඩායමක් විසින්ම මෙම වන අලි ඝාතන සිදු කරනු ඇති බවට සැකයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පවසමින්, සත්ත්ව සුබසාධක සංවිධාන නියෝජනය කරමින් පැවති ඊයේ (23) මාධ්‍ය හමුවකදී පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන් මේ බව පළ කළහ.