තත්ත්වය භයානකයි, රෝගීන් 36708න් 19 ක් ජීවිතක්ෂයට මේ විදිහට උණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න

Report

2025 වසරේ ගතවූ මාස අටක කාලය තුළදී ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගින් තිස්හයදහස් හත්සිය අටදෙනකු (36708) වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ගතවූ අගෝස්තු මාසයේදි ඩෙංගු රෝගින් 2749 වාර්තා වී ඇති අතර එය තරමක අඩුවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න

මේ වන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝග දෙකම ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී තිබේ නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න මෙන් වෛද්‍යවරු උපදෙස් දෙයි.

එසේම ඇතැම් විට එම උණ රෝගියාට ඩෙංගු වයිරසය ආසාදනය වී තිබේ නම් වෙනත් වේදනා නාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනය වීමක් සිදුවිය හැකි බව පවසයි.

එබැවින් මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දී ඇත.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු