"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
ඊයේ (01) දින 'වලස් කට' නැමැත්තා, ප්රතිකාර අවසන් කර නැවත එම කොට්ඨාසයට ගෙනවිත් තිබේ.
ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත්කිරීමේදී සිදුවූ තුවාල වලට ප්රතිකාර කිරීමෙන් අනතුරුවයි.
මොහු පතාල නායක කෙහෙලබද්දර පද්මේගේ සමීපතමයෙකු වන අතර පොලීසිය කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් විමර්ශනය කර ඇත.
එවිට ඔහු ප්රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට ප්රකාශ කර ඇත්තේ "සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" ලෙසය.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි.