නව වසරේ ලංකාවාසී සැමට මහ බැංකුවෙන් සුබ ආරංචියක්

Report

පසුගිය වසරේ (2025) පළමු මාස 11දී ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8ක් වීම සහ මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3ක් වීම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලින් පැහැදිලි වේ.

මුළු අපනයන ආදායම 2024 වසරට සාපේක්ෂව සියයට 4.9කින් වර්ධනය වී තිබෙන අතර, ආනයන වියදම පසුගිය වසරේදී සියයට 14.2කින් ඉහළ ගොස් ඇත.

2024 වසරේ පළමු මාස 11 දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 11.67ක් වන අතර, ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 16.91ක් වූ බවද වාර්තාව පෙන්වයි.

මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8න්, භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.4ක් සහ සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් උපයා ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දෙවියනේ දින දහනමයක් වයස කිරි කැටියා ළිඳට වැටිලා - උපාධිධාරී මව අත්අඩංගුවට

දෙවියනේ දින දහනමයක් වයස කිරි කැටියා ළිඳට වැටිලා - උපාධිධාරී මව අත්අඩංගුවට

පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60ක් වන අතර, භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.77ක් වූ බව වාර්තාවේ සඳහන් වේ.

එහිදී අපනයන ආදායමෙන් භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.04ක් සහ සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 561ක් උපයා ගෙන ඇති බවද වාර්තාව පෙන්වයි.

2024 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව භාණ්ඩ අපනයන ආදායම සියයට 5.4කින් ඉහළ ගොස් ඇති අතර, ආනයන වියදම සියයට 18.9කින් වැඩි වී තිබේ.

[