අවුරුදු 16ක දරුවාට අම්මා ඉස්සරහම කරපු අපරාදේ

Report

දකුණු කළුතර පොලිසිය මඟින් වයස අවුරුදු 16 ක්වූ දරුවකුගේ දතක් ගැලවෙන්නට අත මිට මොළවා පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව සඳහන්.

ඒ අනුව පසුගිය 29 වැනිදා උදේ 10.00 ට පමණ කළුතර විද්‍යාල පාරේදී එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.

දොඩම්ගොඩ ,සපුගහවත්තේ පදිංචි දරුවාගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.

බෞද්ධ භික්ෂුවක් ගැහැණු ළමයින් හය දෙනෙකු ලිංගික අපයෝජනය කරලා

බෞද්ධ භික්ෂුවක් ගැහැණු ළමයින් හය දෙනෙකු ලිංගික අපයෝජනය කරලා

එහිදී තමා වෑන් රියක් සහ බස් රථයක් යොදවා කළුතර නගරයට පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බවටත් ,බස් රථයේ තමාද ,වෑන් රථයේ තම මවද සහයිකාවන් වශයෙන් කටයුතු කරන බවත් ,මවට අසනීප වීම හේතුවෙන් පසුගිය 29 වැනිදා වෑන් රථයේ සහයක ලෙස තම පුතා පැමිණි බවත් අඳාළ පැමිණිල්ලේ සඳහන්.

එහිදී මෙම පාසැල් වාහන කළුතර විද්‍යාල පාරේ නවතා තිබූ අතර තමා පුද්ගලික කටයුත්තකට උදෑසන 9.30 ට පමණ කළුතර නගරයට ගිය බවත්, එවිට බස් රථයේ රියැදුරු කතා කොට පුතාට කිසිවකු පහර දෙන බව පැවසූ බවත් එහි සඳහන්.

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට

එසේම ත්‍රීවීල් රථයකින් එනවිට කිසියම් පුද්ගලයෙකු අඩි 4 1/2 ක් පමණ දිග යකඩ බටයක් ගෙන පුතාට පහරදීමට තැත් කළ බවත්, අනතුරුව තමා යකඩ බටය පසෙකට ගත් විට ඔහු මිට මොළවා ගැසූ පහරින් පුතාගේ දතක් ගැලවී බිම වැටුනු බවත් ඇය පොලිසියට කර තිබූ අඳාළ පැමිණිල්ලේ සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දකුණු කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර සහ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා යන නිලධාරීන් පවත්වයි.

තවත් ජනප්‍රිය කලාකාරිනියක් දිවි ගමනට සමුදෙයි

තවත් ජනප්‍රිය කලාකාරිනියක් දිවි ගමනට සමුදෙයි