විෂයන් නවයටම A සාමාර්ථ ගත් සිසුන් 13,392ක්

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education Sinhala news
By Hashini Jul 11, 2025 03:59 AM GMT
Hashini

Hashini

Report

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කරන්නේ 2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බවයි.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, එම ප්‍රතිශතය 4.15%ක් බවයි.

උසස් පෙළ ගැන විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ ගැන විශේෂ දැනුම් දීමක්

මේ අතර ඇය සඳහන් කරන්නේ 2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් අසමත් වූ අපේක්ෂකයන් ප්‍රතිශතය 2.34%ක් බවයි.

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සමස්ත විභාග අපේක්ෂකයන් 425,152 අතුරින් උසස් පෙළ පන්ති සඳහා සිසුන් 237,026ක් සුදුසුකම් ලැබූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම එය විභාගයට පෙනී සිටි සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක්ය. 

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

ReeCha