ලංකාවේ මේ ජන කොට්ඨාසය ගැන භයානක හෙළිදරව්වක්

Report

අද වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන වැඩිහිටි ජනගහනය පිළිබඳව අවාසනාවන්ත අනාවරණයක් වෛද්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 12ත්, 14ත් අතර සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පෙන්වා දෙයි.

එම පිරිස අතරින් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හෝ නොදන්නා බවත්, අධි බර සහිත දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත්, එම ආයතනය අවධාරණය කර තිබේ.

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ

මෙරට දියවැඩියාව රෝග පාලනය කිරීම සම්බන්ධයෙන් ඇති ප්‍රධානම ගැටලුව වෙන්නේ, රෝග පාලනයට අවශ්‍ය විද්‍යාත්මක දත්ත හෝ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ආදිය සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත නොකිරීම යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදින්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තුළ දියවැඩියාව ඇතුළු බෝ නොවෙන රෝග වැළැක්වීම සඳහා ක්‍රමයක් නොවන බවත්, එමනිසා දියවැඩියාව වැඩි වූ රෝගීන් මිස එකී අවදානමේ සිටින්නන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවෙන බවත්, ඔහු අවධාරණය කරන්නේය.

ඔහු පෙන්වා දෙන ආකාරයට මෙරට රජයේ රෝහල්වල බොහෝ රුධිර පරීක්ෂණ නොමිලයේ කරගත හැකි වෙන්නේ දැනටමත් දියවැඩියාව සහිත බවට ලියාපදිංචි වූ රෝගීන්ට පමණක් වන අතර දියවැඩියා රෝගයට නතු වීමට වැඩි ඉඩකඩක් සහිත පුද්ගලයන්ට එවැනි පරීක්ෂාවක් නොමිලේ කර ගැනීමට ඉතා අසීරු වී ඇත.

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

එමනිසා දියවැඩියා රෝගය මෙරට පාලනය කිරීමට නම්, එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදයෙන් බැහැරට ගොස් රෝගය ඇති වීම පාලනය කරන ක්‍රමවේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය. එවිට මනාව රෝගය පාලනය කර ගැනීමට හැකියාව ලැබේ.