මේ කාන්තාව ගැන දන්නවනම් ලක්ෂ 12ක්

Sri Lanka Police Sri Lanka Magistrate Court Murder
By Zara Mar 04, 2025 02:08 PM GMT
Zara

Zara

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නම් ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අළුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී වෙඩිතබා ඝාතනය කල සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් ඉෂාරා සෙව්වන්දි 25 හැවිරිදි කාන්තාවකි.

ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක -

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591735

එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද දැනුම් දී තිබේ.

එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරමින් පවතී.

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

හිටපු බන්ධනාගාර කොමසාරිස්ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු බන්ධනාගාර කොමසාරිස්ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ReeCha