අදත් මේ ප්‍රදේශ සියල්ලටම පැය 12ක් වතුර නෑ - සූදානම් වන්නැයි දන්වයි
ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12ක කාලයක් ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ අද (08) දින උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි.
එමෙන්ම ඊයේ (07) රාත්‍රී 8 සිට අද (08) උදෑසන 8 දක්වා කාලය තුළ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම - පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේකඩේ හංදිය, කුඩාමාදුව සහ පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
මෙසේ ජල සැපයුම් සීමා කිරිමට පියවර ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන්.